හිත හදා ගන්න තනියෙන් ... නුබ දෙන්නෙම නෑ මට නම්.. නුබ ඉන්නෙ ඈයිද නොගිහින් ඔය හිත ඔච්චර තනි නම්.... මට නුබෙ වෙන්න බෑරිනම් ඈයි කතා කලෙ හොරෙහින්.... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින් නපුරුම ඈයි නුබ ඔතරම්.... හිතන්නෙ ඈයි නුබ ගෑන මන්... හදවතේ ඉන්නෙ ඈවිදින්..... මගෙ හිතේ ඉඩ නෑතිනම්.... ඔය හුස්ම වෑටෙන දුරකින්.... මන් ඉන්නද නුබ එනකන්... හිත පුරා කලා සෙල්ලම් නුබ සුලග වගෙ ඈවිදින්

නින්ද නැති රැයේ- Ninda nathi raye (Gunadasa Kapuge)

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ


කිළිපොළා සැලී යමින් නොහිටි සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ

No comments:

Post a Comment